Thursday 21 April 2011

ඔයාටයි මේ කියන්නෙ

ඔයා දිහා බලාගෙනෙ ඉන්නකොට
මට හිතෙන දෙවල් ගොඩායි
ඔයාගෙන් ප්‍රශ්න ගොඩක් අහන්න හිතෙනවා
ඒත් හිතෙනවා ඔයා කොහොමද උත්තර දෙන්නෙ කියලා
ඔයා ගොඩක් පව්,
ගොඩක් තනිවෙලා කියලා හිතෙනවා
ඔයාගෙ දුක,පාලුව
ඔයා කාටද කියන්නෙ කියල හිතෙනවා
මගෙ සතුට ගැන හිතලා
ඔයාව මා ලග රඳව ගත්තට ගොඩාක් සමාවෙන්න
ඒත්, මං ඔයාගෙ පාලුවට තමා එයාවත් එක්ක ආවෙ
නමුත් එයා යන්න ගියා අපිව දාලා..
නමුත් දැන් දුක් වෙලා අපි මොනව කරන්නද,
එහෙම තමා අපෙ ජීවිත
හැමදාම අපිට සමිප අයව ලගින් තියාගන්න ලැබෙන්නෙ නැහැ
ඒත් මං ඔයාට අද පොරොන්දු වෙනවා,
ඔයාගෙ පාලුව යන්න
ඔයාට කතා කරන්න කෙනෙක් ගේනවා කියලා
ඔයා දැන් හොද ළමයා වගෙ හිනාවෙලා ඉන්න
කෝ දැන් හිනාවෙන්නකො,,,

Tuesday 19 April 2011

හිතට දැනෙන දුක

දුකයි,ගොඩාක් දුකයි
කියා ගන්න බැරිතරමට
හිතෙනවා හැමදේකින්ම ඇත් වෙන්න,
ඈත්වෙලා කොහෙ හෝ තනිවෙන්න,
තනිවෙලා ඇති තරම් හඩන්න
හඩලා මගෙ හිත සැහැල්ලු කරගන්න
එහෙත්,
අද මා ගොඩක් තනි වෙලා
නුඹෙන් සොයන්නට ගිය ජීවිතය
අද මට තනියම සොයන්නට වෙලා
ඉතින් කියන්න මට,
හැඩුවත් සැහැල්ලු වේවිද මගෙ හිත.

Monday 11 April 2011

බොඳ වි යන නුබෙ සිතුවම

ගඟක් සේ ඔබ ගලා ඇවිදින්...
මගේ කතරට දිය පොදක් විය...
පුංචි තරුවක් මෙන් පාය ඇවිදින්...
සඳක් නැති මට ආලෝකයක් විය...
විලක් මත පිපි මලක් මෙන් නුඹ...
මගේ දිවියම සුවද කරවිය..
නමුදු,
සිත්තමක් සේ ඇදී නුඹ
කැළැල් කලෙ ඇයි නුඹෙම සිතුවම

සඳ බස ගිය පසු නැගෙන හිරු මෙන්
මගේ දිවියෙ තනිකම මැකු නුඹ...
මුහුදු රළ මෙන් ගස අවුදින්...
මගෙ ආත්මය සිප ගන්නට විය
බිඳෙන් බිඳ එක්වි පිරුණු කළයක් මෙන්...
මගෙ සිතද පිරුණි ඔබෙ සෙනෙහසින්
නමුදු,
තිළිණයක් මෙන් ලගට ඇවිදින්
ඇයිද මෙලෙසින් රිදුම් දෙන්නෙ...

Monday 4 April 2011

-නුඹට අහිමි පුංචි තරුව මම-

නුඹ නිල් අහස නම්
මම පුංචි තරුවක්
ඉර හඳ වගෙ නැතත්
නුඹට පුංචි  එලියක්
කවදාවත් නුඹට හිමි නැති
මම පුංචි තරුවක්


කවදා හො නුඹ අතැර
වැටුනත් මහ මුහුදට
ආදරෙයි එදාටත් මගෙ නිල් අහසට..
තැනුවත් ලගින් තියාගන්න
අයිති නෑ නුඹට මම
ගිය දාට නුඹ ලගින්..,
කියන්නම් මම,
නුඹට ඇති මගේ ආදරෙ
ලස්සන ගීතයක් කර

Friday 25 March 2011

හීනයක් වූ ආදරය

සිතෙනවා නුබ මගෙ කරගන්නට
හිනයක් වු ආදරයට ආදරය කරන්නට
එ ආදරෙන් හිත පුරවගන්නට
එ හිතින් අනාගතය දකින්නට

එහෙත්...

නුබ මගෙ නොවෙ කියයි
හිනයක් වුවත් අවසර නැහැ කියයි
හිත හිස් වෙයි කියයි
අනාගතයක් නැහැ කියයි 

එහෙත්...

හිත නැහැ පිළිගන්නේ 
ඔබ මගේ නොවෙන්න බැහැ
මා සිත නුබෙන් ජීවිතය සොයයි 
නොදැනුනත්  නුබට නුබ මගේ ජීවිතයයි 

එහෙත්... 

කදුලක්ලු අවසානයට
කදුලක්ම නොවී
වෙන්ව  යන්නට සිත කියයි 
හිමි නොවන බැවු දැනුනද 
වෙන්වීමක් නොමැති ආදරයට 
කෙලෙස මා පෙම් කරන්නද 
වෙන්ව යන්නට අවසරයි මට !

Monday 7 March 2011

මගෙ හිත

හැම මොහොතකම
හිත නුබව සොයයි
හිතට කියා දෙන්න හදයි
නුබ මා ලග නොමැති බව
එහෙත් හිත නැහැ පිලිගන්නෙ
දන්නවාද නුබ
නුබ එනකන් මගෙ හිත
දවසෙ තතු හිතින් නුබට
හරි අපුරුවට පෙළගස්වන අන්දම
ඉතින් නුබ මට නැති වුවහොත්
එදාට මගෙ හිතට මට කියා දෙන්න
හැකිවේද නුබ මා ලග නැතිබව
නැත කියා දිමට නොහැකිය
ඉතින් මා මගෙ සිතත් සමග
ගොඩාක් තනිවෙනවා නොවනුමනය.

Saturday 5 February 2011

මගේම ආදර අම්මා වෙනුවෙන්

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ ණැනමල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද ලොව් තුරු සුව විදිනා
කලා වැවෙ නිල් දියවර අපෙ අම්මා......

රෑ කලුවර අරගෙන දරුවන් එනතුරු
සිත නැහැ නිවන් දකින්නේ
රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඩුවත්
නෙත නැහැ නිදි  විඳ ගන්නේ.....

හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දෙ සිහින දකින්නෙ
මහා මායවෙනි කවදාදො ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නෙ......

වෙල්දෙනි වල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණපද වේවා
බෝමලුවක ඇවිලෙන පහන්වැටක් සේ
තුන් සිත නිවි සැදෙවා......

මතු උපදින සසරෙ විශාකාව වී
නෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජීණියනි ඔබෙ නැලවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා......

මේ සිංදුවට ඇහුම්කන් දෙද්දි මගෙ හිතට කියා ගන්න බැරිතරම් ආදරයක් ඔබ ගැන ඇති වෙනවා,ඒත් එය සිංදුවට සීමා නොකරන්නට මම පොරොන්දු වෙමි, මට දුන්නාව් මේ ජීවිතයට මම ගොඩක් ආදරෙයි ඒ ඔබ මට දුන්න ජීවිතය නිසයි.
ඔබ දන්නවාද අම්මේ මම කෙතරම් වාසනාවන්තද කියලා,අප අතරින් කොතරම් පිරිසක් අද ඒ අයගේ අම්මා නැතිව දුක් විදිනවාද, තමන්ගේ දුක සතුට කියාගන්න ඒ අයගේ අම්මා නැතිව අද එ අය මොනතරම්  අසරණ වි තනිවී සිටිනවාද, ඒ සැම අතරින් මම කෙතරම් වාසනාවන්තද,ඉතින්  කවදා හෝ මේ ජිවිතෙ මා සමඟ සිටින්නෙ ඔබ පමනක් නොවෙද,
ඔබගේ මේ උපන්දිනය මාගෙත් ජයග්‍රහනයක් නොවෙද,ඔබට  සුබ උපන්දිනයක් අම්මා !!!!

Wednesday 2 February 2011

මගේ මතකයෙ තවත් දිගහැරුමක්

මගේ තාත්තා අසනිප වි රොහලේ සිටි කාලයේදී,මා දිනපතා ඔහු බැලිමට ගියා,එ එක් දිනක මා දැක්කා රොහල් වාට්ටුවට ඇතුල් වන තැන ප්‍රියමනාප පොඩි සීයා කෙනෙක් බිම වාඩි වි ඉන්නවා, මා දැක්කා ඔහු ලඟ කොප්පයකුත් පිගානකුත් ඒ ලඟම තියනවා,මා ඊලඟ දවසෙ යද්දිත් ඔහු ඒ සිටි තැනම ඉන්නවා දැක මට ඔහු සමඟ කතා කරන්නට සිතුනු නිසා මා ඔහුගෙන් ඇහුවා ඇයි ඔතන ඉන්නෙ කියලා,ඔහු මට කිවා අලුත් සරමකුත් කමිසයකුත් තිබුනොත් ඔහුට ඉන්නට ඇඳක් දෙනවා කිව්වා කියලා,ඒ වෙලේ මම දැක්කා ඔහුගේ ඇදුම් ගොඩක් කිලිටි වී තිබුනා,ඒත් ඔහු මට කිවා කමිසයක් නම් ලැබුනා ඒත් සරමක් නැහැ කියලා,මම මොකක්ද සීයගේ අසනිපෙ කියල අහද්දි ඔහුගෙ අත පෙන්නල ඔහු මට කිවා අත පන නැති වෙගන එනවා කියලා,මම ඔහුට හෙට සරමක් අරන් එන්නම් කියා යම් කිසි මුදලක් දී  එතනින් අවෙ කියා ගන්න බැරි තරම් දුකකින්....
ඊට පහුවෙනිදා මම ඔහුට සරමක් අරන් ගියත් ඔහු එතන නොසිටි නිසා මා මගෙ තාත්තා සිටි තැනට ගොස් ඔහු අවට සිටි දැයි බලද්දි ඔහු මගෙ තාත්තාට ඇදවල් තුනක් පමන  එහායින්  ඇදක් උඩ වාඩිවි සිටිනවා දැක  මම ඔහු ලගට ගොස් සරමක් ලැබුනද කියල අහද්දි ඔහුට කමිසයක් තිබුනු නිසා ඇදක් දුන්නා යැයි පැවසුවා,මා රැගෙන ආ සරම ඔහුට දී ටික මොහොතක් ඔහු සමග කතා කරද්දි මා දැන ගත්තා ඔහුට කවුරුත් නැති බව,එතනින් එද්දි මම සීයට කිවා ඔහුගෙ අතෙ ඇගිලි හැකි හැම විටම මිටි මොලවලා දිග අරින්න කියල මොකද මම දැක්කා යම් තරමකින් ඔහුගෙ ඇගිලි ක්‍රියා කරනවා මට ඔහු ගැන අනුකම්පවටත් වඩා අදරයක් ඇති වුනා.
මම මගෙ තාත්තා බලන්න යන හැමවිටම ඔහු  සමගත් කතා බහ කරන්නට පුරුදු වුනා,මම මගෙ අත ඔහුට ඈත සිට පෙන්වද්දි ඔහු සිනාවි ඔහුගෙ අත මා කලින් කි විදියට කරන්නට වුනා මට එය සතුටක් උනා.
එහෙත් එක් දිනක් ඔහු එතන නොසිටි නිසා මා ඔහුගැන විමසද්දි මට දැන ගන්න ලැබුනා ඔහු අන්ශබාගය සැදිඇදෙන් වැටුන බව, මට ඔහු ගැන ඉන්පසු දැනගන්න ලැබුනෙ නැහැ මට කියා ගන්න බැරිදුකක් දැනුනා,


අපෙ ජීවිතයෙ අපට මුණගැසෙන සමහර සිද්ධින් තුලින් දුක සතුට අපට උරුම දේවල් උනත්,සමහර දේ දරාගන්නට ගොඩක් අමාරුයි. ප්‍රශ්නය නම් මේ තත්වය මුණදෙන්නට මේ සීයාට වුයෙ යම්කිසි පවක් නිසාද යන්නයි.නැතහොත් මේ දෙවල් දකින්න අපි පවක් කරාද යන්නයි. යම් යම්  දේ අපට වැටහෙන්නෙ කාලයත් එක්කමයි.ඒත් රොහලක් තුල මෙවැනි සිද්ධ්යක් නොවිය යුතු දෙයක් නොවෙද?

Wednesday 26 January 2011

දුක හිතුනු මතකය

මට අසනිප වු දවසක බෙහෙත් ගැනිමට ගිය විට මගෙ හිතට ගොඩක් දුක සිතුනු මේ කතාව මාගෙ බ්ලොගයේ පළවෙනි කතාව ලෙස ලියන්නට සිතුවෙමි.


එදා මා බෙහෙත් ගන්නා ස්ථානයෙන් එලියට වි ඉද්දි මා දැක්කා ඉස්සරහා රොහලේ සිට ටිකක් වයසට ගිය අම්මා කෙනෙක් එක්ක එයාගෙ දුව යැයි සිතන්නට පුළුවන් තරුණියකුත් බස් එකකට නගින්න වගේ මා සිටි පැත්තට එමින් හිටියා මම දැක්ක එ අම්මගෙ මුණෙ තුවාල වගයක් සහ සමහර තුවාල වලට බෙහෙත් දාලත් තියෙනවා, තව එ අම්මගෙ අතේ කොට්ටයක් සහ තවත් බඩු වගයක් තියෙනවා එ මොහොතේ ටිකට් කපන්න ඇතැයි කියා මට හිතුනා. එම තරුණිය එකපාරටම ඒ අම්මව ඉස්සරහට තල්ලු කරගෙන යන්න ගත්තා. ඒ අම්මා "අනේ මට පයින් යන්න බැහැ බන්" කියද්දිම අර දුව ඒ අම්මට ගහන්න වගෙ මෙහෙට වරෙන් කිය කියා බනිමින් ඇඳගන යන්න ගියා... ඒ අම්මා අසනිප වි සිට ගෙදර ගියත් හිතට සැනසිමක් නැතිව ගොඩක් දුක් විදින මවක් බව මට හොදින් තේරුනා.


අම්මා කෙනෙක් තමන්ගෙ දරුවෙක්ව කොයි තරම් නම් ආදරෙන් හදා වඩා ගන්නවද? ඒත් අද ගොඩක් දරුවො ඒ දේවල් අමතක කරලා ජිවත් වෙන්න උත්සහා කරනවා.නැති බැරි අවස්ථා අපේ ජිවිතේ ගොඩක් අවා උනත් අපෙ එක වචනයකින් එ මොහොතට මුහුණ දෙන්න  පුළුවන් කම තියනවනම්...ඒ අම්මගේ හිතට යම් කිසි සහනයක් නේද කියලා මට සිතුනා.






Monday 24 January 2011

ඇරඹුම

සඳලිගෙ සිතුවිලි තුලින්...
හිතට දැනෙන.....
ඇසට පෙනෙන....
නොයෙකුත් දේ අතර...
ඔබ සමග බෙදාගන්නට මට සිතුනු
සිදුවීම්,හිතුවිලි ගෙනෙන්නට අවසරයි...
වෙනස් ම ආරකින්..