Thursday 21 April 2011

ඔයාටයි මේ කියන්නෙ

ඔයා දිහා බලාගෙනෙ ඉන්නකොට
මට හිතෙන දෙවල් ගොඩායි
ඔයාගෙන් ප්‍රශ්න ගොඩක් අහන්න හිතෙනවා
ඒත් හිතෙනවා ඔයා කොහොමද උත්තර දෙන්නෙ කියලා
ඔයා ගොඩක් පව්,
ගොඩක් තනිවෙලා කියලා හිතෙනවා
ඔයාගෙ දුක,පාලුව
ඔයා කාටද කියන්නෙ කියල හිතෙනවා
මගෙ සතුට ගැන හිතලා
ඔයාව මා ලග රඳව ගත්තට ගොඩාක් සමාවෙන්න
ඒත්, මං ඔයාගෙ පාලුවට තමා එයාවත් එක්ක ආවෙ
නමුත් එයා යන්න ගියා අපිව දාලා..
නමුත් දැන් දුක් වෙලා අපි මොනව කරන්නද,
එහෙම තමා අපෙ ජීවිත
හැමදාම අපිට සමිප අයව ලගින් තියාගන්න ලැබෙන්නෙ නැහැ
ඒත් මං ඔයාට අද පොරොන්දු වෙනවා,
ඔයාගෙ පාලුව යන්න
ඔයාට කතා කරන්න කෙනෙක් ගේනවා කියලා
ඔයා දැන් හොද ළමයා වගෙ හිනාවෙලා ඉන්න
කෝ දැන් හිනාවෙන්නකො,,,

Tuesday 19 April 2011

හිතට දැනෙන දුක

දුකයි,ගොඩාක් දුකයි
කියා ගන්න බැරිතරමට
හිතෙනවා හැමදේකින්ම ඇත් වෙන්න,
ඈත්වෙලා කොහෙ හෝ තනිවෙන්න,
තනිවෙලා ඇති තරම් හඩන්න
හඩලා මගෙ හිත සැහැල්ලු කරගන්න
එහෙත්,
අද මා ගොඩක් තනි වෙලා
නුඹෙන් සොයන්නට ගිය ජීවිතය
අද මට තනියම සොයන්නට වෙලා
ඉතින් කියන්න මට,
හැඩුවත් සැහැල්ලු වේවිද මගෙ හිත.

Monday 11 April 2011

බොඳ වි යන නුබෙ සිතුවම

ගඟක් සේ ඔබ ගලා ඇවිදින්...
මගේ කතරට දිය පොදක් විය...
පුංචි තරුවක් මෙන් පාය ඇවිදින්...
සඳක් නැති මට ආලෝකයක් විය...
විලක් මත පිපි මලක් මෙන් නුඹ...
මගේ දිවියම සුවද කරවිය..
නමුදු,
සිත්තමක් සේ ඇදී නුඹ
කැළැල් කලෙ ඇයි නුඹෙම සිතුවම

සඳ බස ගිය පසු නැගෙන හිරු මෙන්
මගේ දිවියෙ තනිකම මැකු නුඹ...
මුහුදු රළ මෙන් ගස අවුදින්...
මගෙ ආත්මය සිප ගන්නට විය
බිඳෙන් බිඳ එක්වි පිරුණු කළයක් මෙන්...
මගෙ සිතද පිරුණි ඔබෙ සෙනෙහසින්
නමුදු,
තිළිණයක් මෙන් ලගට ඇවිදින්
ඇයිද මෙලෙසින් රිදුම් දෙන්නෙ...

Monday 4 April 2011

-නුඹට අහිමි පුංචි තරුව මම-

නුඹ නිල් අහස නම්
මම පුංචි තරුවක්
ඉර හඳ වගෙ නැතත්
නුඹට පුංචි  එලියක්
කවදාවත් නුඹට හිමි නැති
මම පුංචි තරුවක්


කවදා හො නුඹ අතැර
වැටුනත් මහ මුහුදට
ආදරෙයි එදාටත් මගෙ නිල් අහසට..
තැනුවත් ලගින් තියාගන්න
අයිති නෑ නුඹට මම
ගිය දාට නුඹ ලගින්..,
කියන්නම් මම,
නුඹට ඇති මගේ ආදරෙ
ලස්සන ගීතයක් කර